Lyrics
සදවන් රුවින් සාර ආශා හැගුම් ගේන
තරුවන් නුවන් භාර නාරි ගමන් තාල
දුටුවන් වශී වූව සෝබා වතින් කෝල
නෙක මල් පැතුම් හීන සේයා ළදුන් ගේන
නෙත් යාය මත් වීය සිත බෝම ගැස්සීය
දුටු දා ළදුන් රෑන දෙව්ලොව මතක් වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙන දේ හැගුම් ලෝල
ඉගසුග පා සුරගන රූවත
උතුරන ආශා රෑ පුරා
රූ වරුණා කලඹන මේ සිත
ඉග සුග පා වත මල රූ වර
නෙත් යාය මත් වීය සිත බෝම ගැස්සීය
දුටුදා ළදුන් රෑන දෙව්ලොව මතක් වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙන දේ හැගුම් ලෝල
රූ නාරියේ
ඉදුරන් සිත්තමේ
මා මන කලබනා
තරු ආකාහේ රෑ තරු වාගේ වත දිදුලනා
නෙත් යාය මත් වීය සිත බෝම ගැස්සීය දුටු දා ළදුන් රෑන දෙව්ලොව මතක් වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය යනෙනා ගමන් තාල ගෙන දේ හැගුම් ලෝල