සදාතනීsadhaathanii

Sadathanee

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

පෙම්පාරමීදම් සංසාරෙ හුරුකම්
ඔය බැල්ම කිවා එදා....
හැමදාම හිමිකම් ලබනා කෙනයි මං
ඔය ආදරේ හිත් පුරා....

රැකගන්නම් මා
නෙතු පියෙනාතෙක් සිතුවිල්ලේ සදාතනී
ළඟ ඉන්නම් මා රිද නොතෙමා තෙත්
හසරැල්ලේ නිවී නිවී
උතනූපන් මතු මතු මා....
හමුවේවා ඔබ සදා....
උතනූපන් මතු මතු මා....
හමුවේවා ඔබ සදා....

සිත් ආකහේ පායා සඳපානසේ....
නිරතුරු ඔය රූ මැවේ....
ඇස් මායිමේ මාහා තුන්යාමයේ....
නැතුවත් මතකේ හිඳී....

මොහොතක් මොහොතක් පුරා හිතෙනා දැනෙනා කෙනා ඔබ
මාගේ හැමදේ නිසා....
මොහොතක් මොහොතක් පුරා හිතෙනා දැනෙනා කෙනා ඔබ
මාගේ හැමදේ නිසා....

රැකගන්නම් මා නෙතු පියෙනාතෙක්
සිතුවිල්ලේ සදාතනී
ළඟ ඉන්නම් මා රිද නොතෙමා තෙත්
හසරැල්ලේ නිවී නිවී

මේ මාවතේ ආවාසේ ජිවිතේ....
තව දුර සෙවනැල්ල වී....
යමු මේ වගේ බාධා ආවත් කෙසේ....
කිසිඳා නොබිඳී බැඳී....
දිවුරා කියමී සදා ඔබහා ඉන්නම් කියා මේ
හුස්ම වැටෙනා තුරා.....
දිවුරා කියමී සදා ඔබහා ඉන්නම් කියා මේ
හුස්ම වැටෙනා තුරා.....

රැකගන්නම් මා නෙතු පියෙනාතෙක්
සිතුවිල්ලේ සදාතනී
ළඟ ඉන්නම් මා රිද නොතෙමා තෙත්
හසරැල්ලේ නිවී නිවී
උතනූපන් මතු මතු මා....
හමුවේවා ඔබ සදා....
උතනූපන් මතු මතු මා....
හමුවේවා ඔබ සදා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.