සඳරාණි තනි වේ නිල් අහසේsandaraani thani wee nil ahasee

Sadarani Thani Wi - Sanda Rani Thaniwi

Lyrics

සඳරාණි තනි වේ නිල් අහසේ
ම්ණි පහන නිව්ලා අද නිවසේ 
යලි ඉපදෙන්න ඔයා.....
සුදු දෝණි මගේ..... //

ගේ පුරා දුවන්නේ
සමනල පාට සිතුවම් අඳින්නේ....
ගීතිකා ගයන්නේ.....
යලි කවදාද හුරතල් දකින්නේ 
ටිකිරි ලියේ... සිහින දිගේ
යලි ඉපදෙන්න ඔයා.....
සුදු දෝණි මගේ..... //

පාමුලේ වැටෙන්නේ
දූ අම්මාට නේදෝ වඳින්නේ....
ගී ගයා රඟන්නේ.....
යලි කවදාද හුරතල් දකින්නේ 
ටිකිරි ලියේ.... සිහින දිගේ 
යලි ඉපදෙන්න ඔයා.....
සුදු දෝණි මගේ..... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.