සදහට මියැදුනාදෝsadhahata miyaedhunaadhoo

Sadahata Miyadunado (Sun Raha Hai Na Tu Cover Song)

Music:
දුලීකා කෝදාගොඩdhuliikaa koodhaagoda
Lyrics:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

Lyrics

පාළුවේ තනි වේවි නුඹේ මතකය ලඟම මා 
වේදනා ඉවසාවී කඳුලින් නෙතු සරසලා 
හිත නිවපු ඔයා අද නෑ 
දුර ඈත ගිහින් ලඟ නෑ 

(එක දවසක් එන්න සොයා 
ආසයි ඔබ දකින්න මා 
මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද 
නුඹගේ සෙවනට මා...//) 
අපගේ පෙම් කතාව නිමවුනු දවසේ 
ආදරයේ සුවඳම විතරයි දැනුනේ 
(සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...////)

සාගරේ රළ වාගේ
ඔබ දුර ඈතක ගියා 
ආදරේ හද පතුලේ 
ඔබ වෙනුවෙන් දැවෙනවා 
හිත නිවපු ඔයා අද නෑ 
දුර ඈත ගිහින් ලඟ නෑ 

එක දවසක් එන්න සොයා....
හිත නිවපු ඔයා අද නෑ 
දුර ඈත ගිහින් ලඟ නෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.