සදා උකුලු තල මාsadhaa ukulu thala maa

Sada Ukulu Thala Ma

Lyrics

සදා උකුලු තල මා සුව යහනක
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ
සදා උකුලු තල මා සුව යහනක
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්...

(ඇකය පුරා පැන දැඟලිලි පාලා
දෙතොල පුරා රස කිරි තවරාලා...//)
මා සැනසෙන තුරු නැළවිලි ගියෙන්
හෙලමි කදුලු මගෙ දුක පවසන සේ...

සදා උකුලු තල මා සුව යහනක
තොලගින් මැතිරූ නැළැවිල්ලෙන්...

(දෑත තොටිල්ලේ මා පදවාලා
සිරුරට මුදු කිරි සුවඳ බෙදා ලූ...//)
අම්මේ මතු ඔබ නිවන් දකින තුරු
හඬමි ඔබෙන් රස කිරි ඉල්ලා...

සදා උකුලු තල මා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.