සඳ රූරා හීන සේයාsanda ruuraa hiina seeyaa

Sada Rura Hina - Sanda Rura Heena

Lyrics

සඳ රූරා හීන සේයා
නෙතු පායා මායාව විහිදා
නිදි වරනා පාලු හෝරා
මට නුබ හා විදගන්න ඕනා
සඳ දිය දහරා.. හදවත පාරා..
මගෙ සඳ කිදුරී මාගාව පායා
සිතුවිලී පීරා.. ලය පිරිමදිනා
දිගු නිල් දෑසේ.. මායාවෙ ගිලුනා
සඳවතියේ... සඳවතියේ...

පායා.. තරුකැට වීනා...
හීනේ.. සියො ලග රැදුනා..
ඝන අදුරේ මාහා පිය මනිනා..
අරුමෝසම් දෑසට වහ වැටුනා
සෙවනැලි මාවතේ.. සැගවෙන්නෙපා
කවිකාර පෙම දෝරෙ ගැලුවා
සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා

රහසේ කාලය ගෙවනා
මායා සිහිනයෙ රැදිලා
සඳ සෙවනේ නුඹ හා නෙතු පටලා
ආදරයේ මීවිත අරදිනවා
සෙවනැලි මාවතේ.. සැගවෙන්නෙපා..
කවිකාර පෙම දෝරේ ගැලුවා
සදවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.