Lyrics
සඳ අහසට ආදරෙයිලු
වෙරළට රළ ආදරෙයිලු
සුවදට මල් ආදරෙයිලු
ඔයා මට වගේ
ආකාසේ තරු තරමට
මහ සයුරේ දිය පමණට
ලොවම පිපෙන මල් ගණනට
මමත් ආදරෙයි
හිතා ගන්න බැරි තරමට
ඔබයි මමයි හමුවුනාට
කියා ගන්න බැරි දේවල් හිතේ තියෙනවා
දරා ගන්න බැරි හින්දා
සෙනෙහස මගෙ වැඩි හින්දා
හදේ පැතුම් විකසිත වී කවි ලියවෙනවා
වසන්තයේ මල් පිපෙනවා
අපි දෙන්නට ඉගි කරනවා
මටම නොතේරෙන පෙම්බර හැගුම් මැවෙනවා
ඔබයි මමයි එක්වනතුරු
පැතු පැතුම් ඉටුවනතුරු
රෑ තුන්යම මම නිදි නැති ලොවක ගෙවනවා
සුවදට මල් ආදරෙයිලු ඔයා මට වගේ
ලොවම පිපෙන මල් ගනනට මමත් ආදරෙයි