සැබෑ ආදරේsaebae aadharee

Saba Adare

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

Lyrics

සැබෑ ආදරේ පයින් පාගා මගේ 
ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ
මේ ආදරේ ජීවිතේ නිසා මගේ 
දෙපාරක් නොහිතා මං පෙම් කළා රන්කඳ මගේ
(විඳින්නට තිබූ ජීවිතේ විඳවලා 
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා.....//)

වේදනා හංගලා සිනාසිසී මෙමා ඔයා ගියේ නෑ කියා සිතා
ලෝකයා කතා කියයි ඔයාට හැංගිලා 
ඉවසගන්න බෑනේ තාම ආදරෙයිනේ මා
(විඳින්නට තිබූ ජීවිතේ විඳවලා 
මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා.....//)

ආයේ ආවෝතින් ඔයාව භාරගන්නේ නෑ
ජීවිතේට වේදනාව ආයේ ඕනේ නෑ
ඒ වුණත් ඔයා කෙරේ වෛරයක්ද නෑ
මං වගේ කෙනෙක් ලැබෙයි මං හිතන්නේ නෑ.....

සැබෑ ආදරේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.