සාහසයsaahasaya

Saahasaya

Lyrics

රෝස පාට දෙතොලට ළං වෙලා හෙමින් 
ඉම්බ හැටි මතකයි ගස් යට හොරෙන්
හිතින් මකන්න බෑ අතීතයේ මතක රූප මැවෙන වාර
තාම දැනෙනවා මට ඔයා දුන්නු ඒ පහස 
ආදරේ අපේ සීමා වුණේ නෑ කාමරේට
ඔබ හැර කාවවත් පැතුවේ නෑ ජීවිතේට
ඉරක් නැති තැනක හෙටක් නැති අදක
තනිවෙලා අද මම ඔබ නොමැති ලොවක.....

අත්වැල් පටලන් යද්දී කොල්ලෝ කෙල්ලෝ පාරේ
ෆෝන් එකෙන් යාළුවෝ මල් කඩද්දී රහසේ 
මතක් වෙද්දී ඔයත් එක්ක හිටිය ඒ කාලේ 
මැරි මැරි ඉපදෙනවා මාව තප්පරයක් ගානේ
ආසයි ඔයාගේ අතින් කන්න බත් කටක්
පපුවට තුරුල් වෙලා නිදන් ඉන්න ටිකක්
හීන ගොඩක් පොර කෑවත් ඉටු වෙන්නෑ එකක්
කෙලෙසුවා මගේ මැණිකව වට වෙලා හයක්......

ඔබේ රුහිරෙන් ඇඳි වත නහවා
වියරුව පිවිතුරු බව කෙලසා
මියැදුනු ඔබේ සෙනෙහස සිහිවී 
අද මා සිත වැලපෙයි දුකිනා......

ඉරලා මුළු ගවුම හපලා මුළු ඇඟම
ඇනලා තුන් පොලක මරලා දාලා තිබුණා වලක
දෙකට කපලා දෙතැන වැටිලා ළඟම වෙනම තැනක
කොනක බඩට යටින් නියපොතු පාරවල් හෙණට 
ඇඹරිලා අත් දෙක හීරිලා පිට 
දත් වලින් හපලම ඉදමිලා තොල් දෙක
එක ඇඳුමක්වත් යට තිබ්බේ නෑ ඇඟ උඩ 
වැටිලා හිටියේ පැටියෝ ඔයා ලේ විලක් මැද
තද කර කර පැති දෙකටම කඩ කඩ බෙද වට
ගුටි ඇන ඇන හති ඇර ඇර කෙලෙසුවාද ඇඟ
සත්තුද යක්කුද මුං මොක්කුද 
ඇයි මෙහෙම රටක් මැව්වේ දෙවියන්ට පිස්සුද.....

විෂ මධුවිත කුසට හෙලා කාමාශාවෙන් වියරු වෙලා
අවිහිංසක මල් කැකුළු තලන්නට කිම අද මිනිසුන් කුරිරු වෙලා
රට පුරාම පන්සල් පල්ලියේ බය නෑ මිනිස්සු 
හැසිරෙන්නේ සත්තු වගේ මෘග තිරිසන්නු......

බේරගන්න බේරගන්න කෑගහනවා මට ඇහෙනවා
ළඟට ඇවිත් මගේ ඔළුව අතගානවා මට දැනෙනවා
මට පේනවා මට පේනවා ඔය රුව හැමතැන මැවෙනවා
ඔයා ඉන්න තැනට පැටියෝ ඔහොම ඉන්න මාත් එනවා....

සියුමැලි ඔබේ වත කෙලෙසලා වැජඹෙන මිනිසුන් වනසලා
පරපුටම උන්ගේ මං ශාප කළා
පිවිතුරු හදවතකින් පෙම් කළා මට ඉන්නට බෑ ඔබ නැති වෙලා
ඔබෙ රුව සැමතැන මැවෙනවා ඉන්නවාද දැනුත් ළං වෙලා
ඈතින් දුම්රිය හඬ ඇසේ මහ සයුරත් නුදුරින් පෙනේ
නුඹ  සිපගන්නද සයුරේ ගිලෙන්නද නැහැ වැලලා ගමෙ ගෙල මගේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.