රුවට රුවේ සකුරා ඉවුරේruwata ruwee sakuraa iwuree

Ruwata Ruwe Sakura Iwure

Lyrics

රුවට රුවේ සකුරා ඉවුරේ 
හිම වැටෙනා 
සුදු කන්ද දිගේ 
පාසැල් යන සුදු කුමාරියේ // 

හිම මිදෙනා නගරේ 
රුව පෑව ඒ රූබරී 
චෙරි මල් පිපී පවනේ 
ඒ ගමන් ලතා බලා ඉන්නවා 

රුවට රුවේ සකුරා ඉවුරේ 
හිම වැටෙනා 
සුදු කන්ද දිගේ 
පාසැල් යන සුදු කුමාරියේ 

රතු මුහුදේ වෙරළේ 
 ‍යමු ඈත අපි වෙන් නොවී 
සිතකින් නොවේ ළඳුනේ 
මා මගේ රටේ සදා තනිවුණේ 

රුවට රුවේ සකුරා ඉවුරේ 
හිම වැටෙනා 
සුදු කන්ද දිගේ 
පාසැල් යන සුදු කුමාරියේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.