Lyrics
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රූ ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
(රුවන් පුරේ කළු ගං රැජිනී
බඳ ලෙලවා රඟට ගලන්නී...//)
(රුවන් පුරේ සිරියාවයි
සමන් දෙවිඳු කරුණාවයි...//)
(රුවන් පුරය අපේ ගම තමයි...//)
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි......
(සිරිපා නඩ යන එන ගමනේ
විඩා නිවා ගෙන සිත තුටිනේ...//)
(සමන් දෙවිඳු බලන රටයි
ලොව සැම තැන පතල නමයි...//)
(රුවන් පුරය අපේ ගම තමයි...//)
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි......