රුවන් මාලිගාruwan maaligaa

Ruwan Maliga

Lyrics

(රුවන් මාලිගා නැත මා හට
ඔබ කැන්දන් යන්න
මගේ පුංචි පැල වෙත එනවද
එහෙනම් අත දෙන්න)..//

ඔබේ සිඟිති කෝමල ඉඟ වට
චීත්තයක් අන්දා
පබලු ගොතා සෑදුව මාලය
නුඹේ ගෙල වට බන්දා
මගේ පැලට යන අඩි පාරේ
බිම සුදු වැලි රන්දා
ඔයාව මම කැන්දාගෙන එමි 
මට ආදරේ හන්දා

රුවන් මාලිගා නැත මා හට....//

දෙනෙත් දුටුව ඒ මුල් දිනයේ
අප හදවත් බැඳුනේ
එසේ වීම මා පෙර කර ලද
පිනකැයි මට සිතුනේ
අපේ ලොවේ පායන ඉර හඳ
තව ඔපවී නැගුනේ
ඒ ලොව තුල මා ලද සම්පත
ඔබ යයි මට සිතුනේ

රුවන් මාලිගා නැත මා හට....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.