රුසිරු දසුනක්rusiru dhasunak

Rusiru Dasunak

Lyrics

රුසිරු දසුනක් නෙතට යාවි 
නුහුරු හැගුමකි උපන්නේ... 
කවුරුදැයි ඔබ තවම නොදනිමි 
දිගැස පෙම් සිත් මැවෙන්නේ.... 

ළහිරු පුරහඳ පතන්නේ නෑ 
උවණ සිරියා දකින්නේ 
පවුරු වැටකටු තිබේ වටකොට 
කෙලෙස ලං වී හිඳින්නේ....

(නුරා ගගුලක් සේ ගලා යන 
ඔබේ දෙතොලග සිනාවේ 
සිතින් පමණක් සිසිල දවසක 
ලබා මා තනි උනාවේ....//)

රුසිරු දසුනක් නෙතට......

(කලාතුරකින් ඒ සිනා වත 
බලා ගැනුමත් පලක්වේ  
එවන් සැපතක් උරුම නැති කොට 
දිවිය කඳුළක් උනාවේ ......//)

රුසිරු දසුනක් නෙතට......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.