රූරා ගලා සදකැන්ruuraa galaa sadhakaen

Rura Gala Sadaken

Lyrics

රූරා ගලා සඳකැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී
ඉකිබිඳී හසකැන් 

ආයේ මා තනිවීලා
යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ
සඳ දොඩමළු නෑ 

හදිසියේ මුණගැසුණු
නෙත් කැළුම් රස මැවුණු
කිමිදී ඉපිලී  ඒ නිල් දියේ
මා සෙවූ ආදරේ
නොලියූ කවියකී පද ලිහී 

හිත දිගේ කිති කැවුණු
පෙම් පැතුම් යළි මැවුණු
මුමුණා අමුණා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ
නොපිපී කුසුමකී  පෙති සැලී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.