රුක් අත්තන මල මුදුනේruk aththana mala mudhunee

Ruk Aththana Mala Mudunune

Lyrics

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ

රුක් අත්තන මල මුදුනේ...

පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ..

රුක් අත්තන මල මුදුනේ.../
(කවුරුද එන්නේ)...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.