රුදුරු වුණේ ඇයිrudhuru wunee aeyi

Ruduru Une Ayi

Lyrics

රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්
දැවෙන තැවෙන සිත් පොඩිකර
දවා යුග දෙනෙත් හඬවන ප්‍රේමය
නපුරු වුණේ ඇයි නුඹ මෙතරම්

මුදු සිත් සුවඳින් පූදින
දසන් අගට සිනහව කැන්දන
ප්‍රේමය නුඹ මැයි
සිප ගන්නට ඇගේ දෙකොපුල
මට අවසර නොදුන්ය
රුදුරු වුණේ ඇයි නුඹ මෙතරම්

මා මිය ගිය මුත් නිසියම් දිනයක
නුඹ නොමියන බව දනිමි
ප්‍රේමය නුඹ මැයි
ඉතිඑි කළොත් ඇගේ සිත තුළ
මා පිළිබඳ මතක බිඳක්

රුදුරු වුණේ ඇයි ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.