Lyrics
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම් කෙසේ පවසමි එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා
පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරළස ගොතා
මන් මදා කිතු ළිය ලෙසින් උර තුර සරා දිලි මුතු ලතා
මන් නදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක් කොට ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපක් කවරෙකු පතා
පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳී
ළඹ සවන් දිගු රන් පසින් වන නෙත් නුවන් බඳිමින් තදේ
මඳ පවන් වැද ළෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
දිළි ඔවුන් රූ සිරි නුවන් වන් - බඹු වුවත් දැහැණින් මිදේ