රෝස තොල් සිඹිමිroosa thol simbimi

Rosa Thol Simbimi

Lyrics

රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි 
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි 
මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි 
හීනයක් වගේ මගේ සිත පාරවයි රිදෙයි...
	
පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි 
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි 
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුහුමයි 
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි...

රෝස තොල් සිඹිමි..../

අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි 
සොඳුර නුඹ ලඟින් නැතිවත් හිතට උණුහුමයි 
කඳුළු බිඳු නැගී ඉදහිට නෙතට අත වනයි 
සිනාසෙමි නමුත් මේ උණු කඳුළු මගේ නොවෙයි...

රෝස තොල් සිඹිමි..../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.