රෝස පෙති අතුරාලාroosa pethi athuraalaa

Rosa Pethi Athurala

Lyrics

රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා 
සුපෙම් හිත ළගින් හිඳ - සුසුම් ලමු කොදුරාලා
කඳුළු පිණි වැහේවී - නිදන හිත ඇහැරේවි
පපුව මත සුවඳ විද දෙතොල් පෙති යා වේවි...
රෝස පෙති අතුරාලා...

තරු පේලී පීදීලා - සඳ යහන පිරීලා
නුඹේ දෑස විහිදාලා
අපේ කෝඩු හීනේ සරසාලා...//
ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා...

රෝස පෙති අතුරාලා....

පැතු හීන වැහිලා - අද යාය නැවීලා
පණ වාගේ පැහීලා
මතු ආයේ මාගේ සඳ වේවා...//
ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා....

රෝස පෙති අතුරාලා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.