‍රෝස පාට ‍මේ හැන්දෑroosa paata mee haendhae

Rosa Pata Handawa

Music:
සජිත් රාජපක්‍ෂsajith raajapaksha
Lyrics:
චතුරිකා රන්සමාලාchathurikaa ransamaalaa

Lyrics

‍රෝස පාට ‍මේ හැන්දෑ අහසම පාළු ‍වෙලා
කථා ‍නොකර ම‍ගේ පුංචි කිරිල්ලී නපුරු ‍වෙලා
ග‍මෙන් ගියපු ටික කා‍ලෙට නුඹ හරි ‍වෙනස් ‍වෙලා
මාත් උන් නේ හරි දුකකින් නුඹ‍‍ගෙන් දුරස් ‍වෙලා //

සිලිලා‍රෙක මුදු සීතල තවරා කියපු කතා
පුංචි පැටව් කා‍ලේ අපි දෙවැ‍‍ටේ පැන නටලා
එදා බැන්ඳ හිත තාම ති‍යෙනවා ඔයා පතා //

කවට කමට හිටියාට ටිකක් අපි තරහා ‍වෙලා 
මුරණ්ඩුකම් හොඳ නෑ අපි දැන් ‍ලොකු ළමයි ‍වෙලා
බිඳින් බිඳම බැඳි ආදරයත් මහ වැවක් ‍වෙලා
මේ හාදුව අරගන්න‍කෝ ඩිංගක් හිනා‍වෙලා //

‍රෝස පාට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.