රෝස මලක් වගෙයි ඔබෙ ආදර සුදු මුහුණ - rosa malak wageiroosa malak wageyi obe aadhara sudhu muhuna - rosa malak wagei

රෝස මලක් වගෙයි ඔබෙ ආදර සුදු මුහුණ - rosa malak wagei

Lyrics

රෝස මලක් වගෙයි ඔබෙ ආදර සුදු මුහුණ 
දුටුවාම සිතට මැවෙන්නෙ මට සුදු නෙළුම
කවදාවත් අමතක නොවෙනා ලෙසට 
පෙම් කෙරුවා මා ඔබ හට සැම විටම

සිහින මවාලා ඔබගේ ගැනම මම 
ආදරයක් දැනිලා ඔබ දැකපු දින 
දුටුව විටම ඔබගේ නිල්වන් දෙනෙත 
ආදරෙයි කියා කියන්න සිතුනි මට

හැමදාමත් හිතා මතා ඔබේ ගැන 
ආදරයෙන් මා ඔබ හට පිදූ පෙම
සිත රිදවා මා හැරදා ගිය විටක 
දරාගන්න බැරි වෙයි මට දැනෙනෙ දුක

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.