Lyrics
දුක කියා මගේ කතාවේ
වැඳ වැටී දනින් ඔයාගේ
ආදරේ බලෙන් ලබන්න බෑ
නොලැබෙනා ඔබේම මත්තේ
ගත කලාට වරතමානේ
අපිට අපිව අයිති වෙන්නෙ නෑ
මිය යන්නට ප්‍රාර්ථනාවෙන්
ආදරේ කල හින්දා එළිපිටම
අපි දෙන්නට ලෝකයාගෙන්
ඇස්වහක් වැදිලා මගේ රෝස මල....//
රත්තරනේ ඒ කාලේ දුන් පොරොන්දු ඔබගේ
මං වින්දේ කාන්තාරේ නිල් දියඇලි වාගේ
දන්නවා මම ඔබ නැති හිස්තැනේ ඉඩ
අරගන්න මේ සංසාරේ කවුරුත්ම නැති බව
මිය යන්නට ප්‍රාර්ථනාවෙන්....//
ජීවිතයේ මා පැතුවේ ඉන්නමයි ඔය තුරුලේ
ඒ සිහිනේ බොල් කෙරුවේ ඇයි ඔයා අවසානේ
ආදරේ මට පෙන්නුවේ ආයෙ ගන්නද
මම සෑම දේ කියලා ඔබේ වෙස්මුනු දාගෙන
දුක කියා මගේ කතාවේ....