රෝස මල් පොහොට්ටුroosa mal pohottu

Rosa Mal Pohottu (Address Na Movie)

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

රෝස මල් පොහොට්ටු පදික වේදිකා දූලි ගොඩේ 
නෙලුම් මල් පොහොට්ටු කිළුටු දියේ 
කුණු කාණු දිගේ

කිරි මවුවරුන් මිස මව්පියන් නෑ 
තිඹිරි ගෙදර මග පාරයි 
ආදරයේ දිය සිරාවක් නෑ 
හවසට කඳුළුම පමණයි 

රෝස මල් පොහොට්ටු .../

අකුරක් ඇහින් දුටු කවුරුත් නෑ 
අකුරු අයිති මල පොතටයි 
සීතල පොළොවේ දෙනෙතට නිදි නෑ 
හීනත් හීනම පමණයි 

රෝස මල් පොහොට්ටු .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.