Lyrics
රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොළඳ සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී
(මා අවදි කර යහනින්
ඔබ එබී හිනැහී කවුළුවෙන්)..//
කියා රහසක් සැලෙන දෙතොලින්
නොනැගෙනා වදනින්
නොහැගෙනා අරුතින්
රෝස කුසුමක් .........
(ඔබේ සුවඳ ලද මොහොතින්
සිත වෙලා සිටියේ ආදරෙන්)..//
මගේ තනිකම හඬයි ඉකිබිඳ
දෙපා මුල හැපෙමින්
වසා මුව දෝතින්
රෝස කුසුමක් .......