රෝස කුඩයකroosa kudayaka

Rosa Kudayaka

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

නිදන් කරන් ඔබෙ මතකේ ගිලන් මගේ හිත පතුලේ
පරිස්සමෙන් රැක ගන්නම් පණ වගේ
විකල්ප නෑ ආදරියේ ඔබෙන් එහා ආදරයේ
මුරන්ඩුකම් මට කෙරුවත් නිකරුණේ

විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ
මට රණ්ඩු  කර කර යාලු වෙන්නට හීතලේ
කෝටියක් මට නෑ හිටියෙ රත්තරනේ
හිටියෙ ඔබයි මගෙමයි කියන්නට ජීවිතේ

හිම මෙන් සැහැල්ලු ඔබ දුන් පොරොන්දු
අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු
මේ වැටෙන කුරිරු කඳුලැල් පොහොට්ටූ
මට ප්‍රෙහෙලිකාවක් නිහඬ කරනා පිලිතුරූ

විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ....

විශ්වාස කරපූ විස්වාසෙ බිදුනූ
පහුගිය අතීතෙ කලු වලාවක් ගණදුරු
දෛවය හරස්වූ ප්‍රේමයෙන් නපුරූ
මට ඉතිරි කෙරුණේ පසුතැවීමක් විසකුරූ

විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ
තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ

රෝස කුඩයක වැස්ස දවසක පින්නේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.