රෝස කතන්දරroosa kathandhara

Rosa Kathandara

Music:
දුලාජ් ධනුෂ්කdhulaaj dhhanushka
Lyrics:
ගිහාන් චාමිකgihaan chaamika

Lyrics

රෝස කතන්දර යායක මල්වර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා

ඇස් මානේ සන්සුන් හිනාවේ
පිනි යහනේ පෙම් මං තලාවේ
රෑ සලුවකට මං දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සඳ සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා දඟ වැඩ එපා

රෝස කතන්දර යායක මල්වර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

ගිම්හානේ අනුරාග යාමේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
මට  ළං වෙන්න මධු සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා විඳවන්නෙපා

රෝස කතන්දර...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.