රූකඩ මඩු යාග පොලේruukada madu yaaga polee

Rookada Madu Yaga

Lyrics

රූකඩ මඩු යාග පොලේ
කෝළ නුඹේ රුවට ළොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ළොලේ පිණි කඳුළේ
නිතර රැඳී උන් බඹරින්දු

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ
නුඹ නොදනී මල්මද ලන්දු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.