රූ අංගනාruu anganaa

Roo Angana

Lyrics

සිතක් හැඬවෙච්ච නෙතක් ඉකි බින්ද ඔබද රූ අංගනා
සිහින බොඳවෙච්ච ආදරේ දුන්නු මමයි ඒ පෙම්සිනා
(ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා.......//)

මා හදේ සිතුවම් වෙලා ඔබේ සුන්දර රූ රටා
නීල නෙතු සඟල යොමා හිනැහෙන්න මාගේ දිව්‍යාංගනා
(ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා.......//)

මිරිඟවක මෙන් සොයා ලතැවුණු මතක සේයා බොඳවෙලා
පුංචි ඔය මුහුණේ සිනා තවරන්න ආයෙමත් ළං වෙලා
(ජීවිතේ දෙන්න කඳුළු පිසලන්න ළඟින් ඉමු අපි සදා.......//)

සිතක් හැඬවෙච්ච.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.