රොනට ඇදෙන සමනලියකronata aedhena samanaliyaka

Ronata Adena Samanaliyaka

Lyrics

රොනට ඇදෙන සමනලියක 
විලස අරුණ සීතේ
කනට කොදුර කොදුර ගයන මා නොගැයූ ගීතේ
පිනට ලැබුණ මියුලැසියේ  
සැතපෙන මගෙ දෙනෙතේ

මල් පෙති පාවඩ අතුරා
ගෙට කැන්දන් යනවා 
රොන්සුණු අඹරා  තවරා 
සුවදින් නහවනවා 
මට දැන් තේරෙන පාළුව
ඔබට බාර දෙනවා

දිමුතු රුවන් මිණි පරයා 
හිනහෙන සියුමැලියේ 
මගෙ හදවත එකලු කරන
ස්වර්ණ වර්ණ නිලියේ 
අපි නව ලොවකට පිවිසෙමු 
හිරු සදු  සැණකෙලියේ

රොනට ඇදෙන ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.