රොනට ඇදෙනronata aedhena

Ronata Adena

Music:
නාරද දිසාසේකරnaaradha dhisaaseekara
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ
කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ
පිණට ලැබුණ මියුලැසියේ සැතපෙන මගේ දෙනෙතේ

මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
රොන්සුන් අඹරා තවරා සුවඳින් නාවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට භාරදෙනවා

දිමුතු නුවන් මිණි පරයා හිනැහෙන සියුමැළියේ
මගෙ හදවත එකලු කරන ස්වර්ණ වර්ණ එළියේ
අපි නව ලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙළියේ


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.