Lyrics
රොන් සොයා පියඹන සමනළියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ
රොන් සොයා
පාවෙලා - පාවෙලා -නිල්වලා - යනු බලා
දිළිසෙන පිණි බිඳු මුතු ගොතලා - නිල්වන් සළු එළලා
ගුවන් තලේ පුරා ලෙළේ - කිරි සුදු උඩු වියනක් බැඳලා
තුරුලිය අතු ඉති මුකුළු කලා - මල් මල් සෙමෙර සලා
ලිහිණි ගිරා නුරා රසේ - විඳ විඳ කිචි බිචි කියනු ඇසේ