රොන් සොයා පියඹන සමනලියක සේron soyaa piyambana samanaliyaka see

Ron Soya Piyabana

Lyrics

රොන් සොයා පියඹන සමනලියක සේ
රිසි ලෙස සරණෙමි වන පියසේ//
රොන් සොයා
පාවෙලා-පාවෙලා-නිල් වලා-යනු බලා

දිළිසෙන පිනිබිඳු මුතු ගොතලා
නිල්වන් සළු එළලා//
ගුවන් තලේ පුරා ලෙළේ//
කිරි සුදු උඩුවියනක් බැදලා

රොන් සොයා...

තුරුලිය අතු ඉති මුකුළු කලා
මල් මල් සෙමෙර සලා//
ලිහිණි ගිරා නුරා රසේ//
විද විද කිචි බිචි කියනු ඇසේ 

රොන් සොයා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.