රෝද තුනේ ජිවිත ගෙවිලා යතිroodha thunee jiwitha gewilaa yathi

Roda Thune Jiwitha

Lyrics

රෝද තුනේ ජිවිත ගෙවිලා යති
විදි දිගේ කරදර නිමක් නැති
රැවුම් බැනුම් කාකි ඇදුම්
එරවිලි ගෙරවිලි හැප්පුම්

මේවා අපිට පුරැදුයි මල්ලි........//

කාර් වෑන් ලොරි පෙජරෝ 
පාර දිගේ අපි දැක්කම
මග දිගටම රව රව යනවා
ඒ රැවුමත් සිතේ දරන් 
රැපියල් සත සොයාගන්න
පාර දිගේ අපි පියඔනවා

කාර් වැන් ලොරි පෙජරෝ.........//

රොද තුනේ......//

ලස්සන ලස්සන නෝනලා
ඒ වගේම මහත්තුරැත් 
දවස පුරා පාර හොයනවා
රොද තුනට ගොඩ වුනාම 
රැපියල් දහයට ඇඔරෙනවා

ලස්සන ලස්සන........//

රොද තුනේ...........//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.