රොකට් එක ගමු (ලෝකයෙන් යමු)rokat eka gamu (lookayen yamu)

Rocket Eka Gamu (Lokayen Yamu)

Lyrics

හවස අපි සෙටිවුණු වෙලාවක මට ලැබුණු
සුදු කොලේ එතු තණමල්විලෙන් නෙලපු
අහසේ අපි පාකෙරූ මේවා ඔරිජිනල් බඩු
මුරවත්තේ රතු කිව්වේ මල් සුවඳම විඳපු...

(රොකට් එක ගමු හඳේ නවතිමු
ඉක්මනට බඩු ටික ගන්න ඔතා
අපේ පන්දමේ එළිය වැඩි වගේ
ආයේමත් දියං ඔය කොළ තෙමා...//)

දාලා හැදි පහ හයක් සීනි වැඩි කරපන්කෝ ඇති තරම්
ප්ලේන්ටිය වක්කරන් වරෙන් අපි දැම්ම සුර ලොව යමන්
වැටුනෝතින් ඉව ඉතින් පොලීසිය ඇදෙයි සුවඳට හොයන්
දාමු විගහට දුමක් අහුවුණොත් ආයේ වැලිකඩ යමන්...

රොකට් එක ගමු...//

ඇස් දෙකත් පොඩි කරන් කපමු කොළ හීනියට කතුරකින්
බැරිමනම් වැඩ සියුම් ගහමු අපි වට වෙලා ඇට පිටින්
හඳට යැව්වට රොකට් රුසියාව යවලා නෑ අපි තරම්
ඉද ගනිම් අයිනකින් අභ්‍යවකාශ ගත වෙමු මචං...

රොකට් එක ගමු...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.