රොක් වීලාrok wiilaa

Rock Weela (Cricket World Cup Song)

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
ප්‍රගීත් රාජපක්‍ෂpragiith raajapaksha

Lyrics

රොක් වීලා ජය ගී ගයලා අපි 
හද ගැහෙන රිද්මයට බෙර වයමු 
සිංහ රටේ සිහ කොල්ලෝ සැරයි 
යලි විකට් අභියෝගේ ජය ගේමු 
ශ්‍රී ලංකා...

ජය නාදේ පා අපිට ජය නියත දා 
වීර ගමනකට දිරි දීලා 
දේශයේ පවා සැවොම එක් හිත් දරා 
සිහින පොකුරට සුභ පැතුවා 
සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා 
ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා... 

රොක් වීලා...

ලංකා මෑණියගේ නාමෙන් ලෝකේ පුරා 
නම ගෙනියන්න ආපු මේ පුතුන් සදා 
හෙළ අභිමානේ රැක්කාලු 
ඉතිහාසේ පවා ඒ ජය උරුමේ 
නියතයිලු තුන්කල් සදා...
සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා 
ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා 

රොක් වීලා...

සිනහා දොරේ ගලනා දවස කරා 
නෙතගේ කඳුළු පිරෙනා සතුට නිසා 
අපේ හිතවන්ත හිත් අතරේ මිහිර දිනා 
ජය අරගන්න මේ වාරේ කිරුළ දරා 
සිහින පොකුරට සුභ පැතුවා 
සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා 
ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා...

රොක් වීලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.