රිසි විටෙක පැමිණෙන්නrisi witeka paeminenna

Risi Witeka Paminenna

Music:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
Lyrics:
සුරම්‍ය මාපිටියsuramya maapitiya

Lyrics

රිසි විටෙක පැමිණෙන්න රිසි විටෙක හැරයන්න
ඔබට රිසි ලෙසකින්ම මගේ සිත රිදවන්න
විසි වසක් නුඹ සෙව්වේ නෙතු කුඳුළු පිසලන්න
රිසි විටෙක හැරයන්න රිසි විටෙක පැමිණෙන්න
රිසි විටෙක පැමිණෙන්න

දුරක හිද හිනැහෙන්න නුඹෙ සුසුම් මට දෙන්න
සදොස් තැන් මගෙ ඇතොත් එපා නොකියා ඉන්න
එපා නොකියා ඉන්න

අමතන්න හමුවෙන්න නොහැක මට ළංවෙන්න
නිදොස් නුඹ ගැන සිතා මට හැකිය ළතැවෙන්න
මට හැකිය ළතැවෙන්න

රිසි විටෙක පැමිණෙන්න ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.