රිදුණු සිත මාගේridhunu sitha maagee

Ridunu Sitha Mage

Lyrics:
සමීර එදිරිසිංහsamiira edhirisinha

Lyrics

රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ
උණුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ
සිතුවාට ඒ වගේ ඔයා එන්නෑ වගේ
පාළුයි ජීවිතේ.....//
රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ...

සිත ගාව තරුවක් වීලා
උන් කාලේ අමතක වීලා
ඇයි මාගේ ලෝකෙන් මිදීලා
සිත් යහනේ මා තනි කරලා 
ඔබ ගියේ මා දමා...

රිදුණු සිත මාගේ...

මා ගාව සෙනෙහෙන් බැඳිලා
ළඟ ඉන්න දිවුරුම් දීලා
අමාවක මා ළඟ තියලා
සඳවතිය පාවී ගියා සිහින බොඳවීලා....

රිදුණු සිත මාගේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.