රිදුන මේ හිතridhuna mee hitha

Riduna Me Hitha

Music:
විරාජ් පෙරේරාwiraaj pereeraa
Lyrics:
කුෂාන් මනින්ද්‍රkushaan manindhra

Lyrics

හදා ගත්තේ රිදුන මේ හිත 
දස දහස් වාරේ හඬා 
රැඳී ඇත්තේ මගේ ජීවිතේ 
ඔබගෙ මතකේ සෑමදා 

ආදරේ මේ වගේ කියා 
නෑ දැනන් හිටියෙ මා එදා 
(ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා)...//

ඔබ හැර තව වෙන කිසිවෙක් නෑ 
මට මාගෙමයි කියාලා 
ඔබෙ නමටයි සදහට තිබුනේ 
මගෙ ජීවිතේ ලියාලා 
(ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා)...//
      
තෙමි තෙමි වැස්සේ හැඬුවා මා 
මගෙ හීන දෑස ලඟ තෙමුනා 
හිනැහෙන්නට සැරසෙන විට මා 
කඳුලැල් කඩා ඇද හැලුනා              
ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා

හදා ගත්තේ රිදුන මේ හිත 
දස දහස් වාරේ හඬා 
රැඳී ඇත්තේ මගේ ජීවිතේ 
ඔබගෙ මතකේ සෑමදා 
   
ආදරේ මේ වගේ කියා 
නෑ දැනන් හිටියෙ මා එදා 
(ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.