රිදෙන හිත යටridhena hitha yata

Ridena Hitha Yata

Lyrics

රිදෙන හිත යට 
කඳුලු අති වග 
දන්නේ ඔබ විතරමයි
ඔබ රිදෙව්වෙත් ඒ හිත තමයි

මියෙන මලකට 
මියෙන්නට පෙර 
කියන්නට ඇති කතාවක් ගැන 
කීවේ ඔබ විතරමයි.....
ඔබ නෑසුවෙත් ඒ කතාවම විතරයි....

ගලන ගඟකට
මිදී ඉන්නට 
හිතෙන බව දැන හඳුනගත්තට
නොසිතුවේ ඔබමයි.........
ඔබ නොදුටුවෙත් ගඟ වැලපෙනා බවමයි‍.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.