රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම්ridhawannepaa meetharam oba aadharee mata nam

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Lyrics

රිදවන්නෙපා මේතරම්
ඔබ ආදරේ මට නම්
හඬවන්නෙපා මේතරම්
ඔබෙ ජීවිතේ මා නම්

දොඩනා වදනේ
හෙලනා බැල්මේ
වෙනසක් ලකුණු වෙලා
අහිතක් සිතුවේ වරදක් කීවේ
නැහැ මා කිසි දවසේ ලඳනේ .....

කිසිදා නොපතමි
අන් කෙනෙකුන්ගේ
හදවත රැඳි සෙනෙහේ
සසරේ සරණා මතු හැම භවයේ
ඔබ මා පිළිසරණේ ළඳනේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.