Lyrics
රිදවන්නේ හඬවන්නේ ඇයි මේ තරම්
ඉවසන්න බෑ සිතට තව දුක් සුසුම්
හද මඩල සනසන්න ඔබ එනවනම්
මා ඉන්නෙ සැනසෙන්න මේ මග බලන් //
දඟකාර ඔය බැල්ම දුටුදා පටන්
හිනැහෙන්න මා තනිව රුව සිහිවෙමින්
හැමදාම මේ සිතට මිහිරක් පතන්
ඔබ එන්න ආදරය දෝතින් අරන් .... දෝතින් අරන්
රිදවන්නේ හඬවන්නේ ....
මතුදාක හමුවන්න ඔබ එයි කියා
මම හිඳිමි හැමදාම සුහදේ බලා
බැඳි පෙමට නොම දෙන්න දුක් වේදනා
මට ඉන්න ඉඩ දෙන්න සසරේ සදා .... සසරේ සදා
රිදවන්නේ හඬවන්නේ ....