රිදවන්නෙ ඇයි මෙහෙමridhawanne aeyi mehema

Ridawanne Ai Mehema

Lyrics

රිදවන්නෙ ඇයි මෙහෙම වරදක් කලාද මා
සතයක් තරම් වටින්නේ නැතිද මා
පසුතැවීමක් ඔය හිතේ ඉපදුනේ එදා 
බහදුන්න කාරනය හින්දද ඔයා
සමිදේ පතනා ලෝකේ  
ලැබ දෙන්න ඇගෙ සතුට මට වටිනවා 
මට ලැබුන දුක ඇයට හිමි නොවේවා

මේ ඔබ අනුන්ගේ වේදනා නිව්වෙ
එනමුත් මගෙ කදුල දැක නෑ ඔයා
මේ කදුලු දෑසේ හංගන්න වූයේ 
පිරිමි හිතකට කදුල තහනම් නිසා
පහනක් තියා සමිදුන්ව වැන්දෙ මං එදා
ඔයාව ඉල්ලලා නෙවෙයි මගෙ වේදනා නිවෙන්නටයි 

මාලිගා නෑනේ මං අසරණයිනේ 
පලදන්න සිතුසේම රං මුතූ අතේ
වෙන්වීම අපගේ මේ හිතට දුන්නෙ
නෙගිටින්න දෙපයින්ම දිරි ඇතී අතේ
දිනයක මගෙ දියුණුව බලාල සතුටු වෙන්නෙ
අම්ම තාත්තා විතරමයි එය තේරුනේ මට දැන් තමයි

රිදවන්නෙ ඇයි මෙහෙම ............
සිදුවෙන්නෙ හැම දේම හොදටයි කියා
වැටහෙන්න වරදින්න ඔනේ තමා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.