රිදවන්නට ආයේමත්ridhawannata aayeemath

Ridawannata Ayemath

Music:
විරාජ් පෙරේරාwiraaj pereeraa
Lyrics:
කුෂාන් මනින්ද්‍රkushaan manindhra

Lyrics

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා
ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා
අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා
අප වෙන් කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා

මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා
අපේ සෙනෙහසේ සටහන් තියා ගන්නෙපා
හිතේ හැගුම් කැටි කරලා කදුළු බිඳක දිය කරලා
නෙතු හරින්න යයි ගලලා නවතන්නෙපා

අතර මඟදී හමුවීලා දුටුවෝතින් මඟ හැරලා
ඔයා යන්න පිටුපාලා යළි බලන්නෙපා
ඔබට නොදැනී සැඟවිලා පෙනෙන දුකර ඉමි රැඳිලා
ඉතින් ඉන්න හිනැහීලා මා සොයන්නෙපා

රිදවන්නට ආයේමත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.