රිදවන්න ආයේridhawanna aayee

Ridawanna Aye

Lyrics

රිදවන්න ආයේ...... හමුවෙනු එපා....
හිනැහෙන්න පෙර සේ.... යලි ඔබ එපා..
ආදරයේ මාගේ හිත යට තියා.... 
නවතින්න ලෝකේ ....... ඔහුගේ වෙලා....
 
හිත හඬන යාමේ සෙනෙහස සොයා.....
නුඹ නැහැනේ ආවේ....මා සනසලා
මග බලපු දෑසේ.... කඳුලැලි මවා
සඟවන්නේ කොහේදෝ.....මේ වේදනා ..

සෙනෙහස සොයා මැව්.. හසරැලි කතා
තව රවටලා සිත... නුඹගේ වෙලා....
හිත වින්ද සෙනෙහේ .... යලි මට එපා..
ලඟ ඉන්න ඔහුගේ.... ජීවය වෙලා..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.