රිදවන්න අමුතුවෙන්ridhawanna amuthuwen

Ridawanna Amuthuwen

Music:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
Lyrics:
චතුක මධුරංගchathuka madhhuranga

Lyrics

රිදවන්න අමුතුවෙන් ඔය වාගේ හිනැහෙන්නෙපා 
මම තාම උමතුවෙන් ඔය දෑස සොයනා නිසා 
අපෙ හීන ඔහු නමින් අලුතෙන්ම පුරවා තියා 
ඔය වාගෙ මුළු හිතින් හිනැහෙන්නෙ කොහොමද ඔයා 

ඔය නෙත් එදා හෙලපු කඳුලැලි 
මගෙ කරගත්තා මම ලංවී 
අද ඒ කඳුලැල් මට හිමිවී      
කවුරුවත්ම නෑ මට ලංවී 
ඔය නෙත් එදා හෙලපු කඳුලැලි 
මගෙ කරගත්තා මම ලංවී 
අද ඒ කඳුලැල් මට හිමි වෙද්දී නෑ       
කවුරුවත්ම මට ලංවී 

මගෙ කීව හැමදේම ඔහුගේ නම් 
මේ වාගේ ඈතින් ඉන්නම් 
ඒ තරමටවත් ඉඩ නැත්නම් 
ඔය දෑසට නොපෙනී යන්නම්  
මගෙ කීව හැමදේම ඔහුගේ නම් 
මේ වාගේ ඈතින් ඉන්නම් 
ඒ තරමටවත් ඉඩ හිමි නැත්නම් මං  
දෑසට නොපෙනී යන්නම්  

රිදවන්න අමුතුවෙන්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.