Lyrics
රිදවලා නැති තැනක්
මේ හිතේ නැති තරම්
තියෙනවා නම් තරහා නෑ පෙන්නුවත්
ඒ උනත් හීනෙකින්වත් නොවේ නුඹව මං
රිදවලා හඬවලා කිසිදා නොකීවත්
(මා නුඹ නොවේ නුඹත් මා නොවේ
මේ ආදරේ ආයෙමත් යා නොවේ...//)
අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදා
නුඹ මාව ඒ දිහා එක්කන් ගියා
නුඹට මගෙ ආදරේ මෙන්න මෙහෙමයි කියා
කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා
මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා
හඬනවා නම් බලා එකත් ඇති
මා නුඹ නොවේ නුඹත් මා නොවේ
මේ ආදරේ ආයෙමත් යා නොවේ
මා ගැන නොවේ මා සිතුවේම අපි ගැනයි
නුඹේ ජීවිතේ මා සරදමක් විතරමයි
මේ අතින් ගුලි කෙරූ ඔය දෑත මගෙ නොවී
වෙන කාගෙවත් වෙලා මට රිද්දුවා මදි
මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා
හඬනවා නම් බලා එකත් ඇති
රිදවලා නැති තැනක්....
(මා නුඹ නොවේ නුඹත් මා නොවේ
මේ ආදරේ ආයෙමත් යා නොවේ...//)