රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේraellen raellata paawena oruwee

Rellen Rellata Pawena

Lyrics

රැල්ලෙන්  ‍රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ...//
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා...

ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ
තනි වේ මා... සාගරයේ...

 ‍රැල්ලෙන්  ‍රැල්ලට...

ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූහුදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
 ‍රැකදේවා අසරණ මා
තනිවේ මා... සාගරයේ...

 ‍රැල්ලෙන්  ‍රැල්ලට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.