රෑ අහසේ තරු කැට පායා දිලුනාrae ahasee tharu kaeta paayaa dhilunaa

Re Ahase Tharuketa Paya Diluna

Lyrics

රෑ අහසේ තරු කැට පායා දිලුනා
මා තනියේ සිතුවිලි සයුරේ වෙලුනා

තරු එලියක් නිල් දෙනෙතට වැටිලා
සද කිරණින් ඔබෙ මුහුන සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා 
සිතට දැනෙනවා

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක 
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැදි ගිලිනවා
සිතට දැනෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.