රෑ අහසේ තරු ගනිනා පුංචි නංගියේrae ahasee tharu ganinaa punchi nangiyee

Re Ahase Tharu Ganina

Lyrics

රෑ අහසේ තරු ගනිනා පුංචි නංගියේ....
පැදුරු කුටියෙ ගුලි වීලා නිදිද නංගියේ...
අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ...
මක්කරන්න නුඹෙ අයියා පොඩියි නංගියේ...//

හැලිය පිරිලි ගෑරොප්පුව අපට උරුම නෑ....
පහන් තිරේ තෙල් නැතුවම නිදාගන්න බෑ....
මගෙ නංගිව නලවගන්න සුරකුමරියො නෑ....
බත් ටික අනලා කවන්න නුඹෙ අම්මා නෑ....

රෑ අහසේ තරු ගනිනා......

අම්මා ගිය ඒ ලෝකෙට අපට යන්න බෑ....
රන්පාටින් දිලිහුනු මල් මාල අපට නෑ....
නුඹ විතරයි මට ඉන්නේ වෙන කවුරුත් නෑ....
අඬන්නෙපා නංගි නුඹව දාල යන්නෙ නෑ.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.