රයිගමයිනෙනිrayigamayineni

Rayigamayaneni

Lyrics

රයිගමයානෙනි ගම්පලයානෙනි කම්මැලිකම ගව්වක් පන්නා
ලාබ ලබන්නට පාඩු නොවන්නට - වෙළඳාමක් කරමුද දෙන්නා

ගම්පලයානෙනි නුවණැත්තානෙනි තමුසෙගෙ මොළයෙ ඇති මොළය
සම කෙරුවෝතින් සැක නැත ආයේ - පොල් කිරි හා දෙහි ඇඹුල

ඒක නෙවෙයි බන් මේ ටික අහපන් - අහස පාළු වී විනාසලු
දෙන්නම එකතුව බියගම පැත්තට - තල්ලු කරමු අපි වළාකුළු

ඊට වැඩිය හොද රස්සාවක් ඇත - හුළං නැතිලු හුංගම පැත්තේ
හොණ්ඩර දෙක තුන හුළං අරන් යමු - බෝතල වල ගෙන යා යුත්තේ

තවත් වැඩක් ඇත කව්රුත් කරේ නැති - දා ගත හැකි නම් පිදුරු දැලේ
කුමාරයා සහ බමුණා කියලා - චිත්තරපටියක් හදමු  බොලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.